Wednesday, February 18, 2015

01. PTC යනු කුමක්ද?

PTC (Paid To Click) කියන්නෙ ක්ලික් වලට ගෙවනවා වගේ අර්ථයක් දෙන වචනයක්. PTC Site එකක් කියන්නෙ ක්ලික් කරන ප්‍රමාණයට ගෙවීම් කරන වෙබ් අඩවියකට. PTC වෙබ් අඩවි වලට ගිහින් ලියාපදිංචි වුණාම දවසකට බලන්න Ads යම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒවා බලන්න ඕන කාලය ගෙවන මුදලට අනුව වෙනස් වෙනවා. ඒ කාලය තත්පර 15 ඉඳලා මිනිත්තුව විතර වෙනකන් වෙනස් වෙන්න පුළුවන්. අදාල ad එකේ ඒක බලන්න ඕන කාලය සටහන් කරල තියෙනවා.

02. PTC වෙබ් අඩවියකින් මුදල් ලැබෙන්නේ කෙසේද?

PTC වෙබ් අඩවියක් කියන්නෙ ප්‍රචාරකයන් (Advertisers) හා පාරිභෝගිකයන් (Members) එකට යා කරන තැනක් කිව්වොත් නිවැරදියි. ප්‍රචාරකයන් අදාළ වෙබ් අඩවියට මුදල් ගෙවා තම දැන්වීම් එම වෙබ් අඩවියේ පල කරනවා. පසුව ඒවා නරඹන පාරිභොගිකයන්ට අදාළ වෙබ් අඩවිය විසින් ගෙවීමක් සිදු කරනු ලබනවා. සැබෑ ලෙසම ගෙවීම් කරන වෙබ් අඩවියක නම් අනිවාර්යෙන් එක් දැන්වීමකට $0.02 හෝ ඊට අඩු මුදලකුයි එක් දැන්වීමක් ක්ලික් කර නැරඹීම වෙනුවෙන් පාරිභෝගිකයෙකුට ගෙවනු ලබන්නේ.

03. Minimum Payout යනු කුමක්ද?

කලින් සඳහන් කළ ආකාරයෙන් දිනපතාම දැන්වීම් නැරඹීමේදී තමාගේ ගිණුම් ශේෂය කෙමෙන් ඉහළ යනු ලබනවා. එහෙත් එම ශේෂ‍ය යම් අගයකට ළඟාවන තෙක් මුදල් වෙබ් අඩවියෙන් පිටතට (withdraw) ලබා ගත නොහැකියි. මුදල් පිටතට ලබා ගැනීමට හැකියාව ලබාදෙන මෙම අගය Minimum Payout ලෙස හඳුන්වනවා. මෙම අගය $2 - $5 හෝ ඊට වැඩි අගයක් විය හැකියි. තම ගිණුම් ශේෂය මෙම අගය ඉක්මවා ගිය පසුව පාරිභෝගිකයන්ට වෙබ් අඩවියෙන් තම ගිණුමෙහි ඇති මුදල් පිටතට ඉල්ලා සිටිය හැකියි
.
04. තම ගිණුමෙන් තනිව ad ක්ලික් කිරීමෙන් ක‍ොපමණ මුදලක් ඉපයිය හැකි ද?

තනිවම තම ගිණුමෙන් ad ක්ලික් කිරීමේදී දිනකට ඉපයිය හැකි උපරිමය $0.05 ක පමණ අගයක් ගනු ලබනවා. සාර්ථක ආදායමක් ලැබීමට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

05. එසේ නම් තම ආදායම වැඩි කර ගන්නේ කෙසේද?

දිනකට උපයන මුදල වැඩි කර ගැනීමට නම් ඔබ තවත් කිහිපදෙනෙකු වෙබ් අඩවිය වෙත හඳුන්වාදිය යුතුයි. එසේ හඳුන්වාදෙන්නන් අදාළ හඳුන්වාදෙන පාරිභෝගිකයාගේ direct referrals ලා වනවා. එවිට ඔවුන් ad නරඹන විට ඔවුන්ට මුදල් ලැබෙනවා සේම ඔවුන්ව හඳුන්වාදුන් පුද්ගලයාටද එම මුදලින් කොටසක් හිමි වනවා. තමා වෙබ් අඩවියට හඳුන්වාදෙන පුද්ගලයන් ගණන වැඩි වන තරමට තමාගේ ආදායම ඉහළ යනවා.
උදාහරණයක් ලෙස,
ඔබ 10 දෙනෙකු හඳුන්වාදුන්නොත්, ඔවුන්ගෙන් එක් අයෙක් දිනකට $0.05 බැගින් උපයනවා ඇතැයි සිතුවහොත් ඔබටද ඉන් කොටසක් ලෙස $0.03 ක් පමණ ලැබෙනවා. එලෙස 10 දෙනාගෙන්ම ලැබෙන නිසා දිනකට ඔබට 0.03x10 = $0.30 ක් ඉපයීමට පුළුවන්. ඊට අමතරව ඔබත් ad ක්ලික් කර දිනකට $0.05 ක් පමණ උපයන නිසා එවිට දිනකට උපයන මුළු මුදල 0.30+0.05 = $0.35 ක් පමණ වනවා.
06. Direct Referrals ලා ‍තම ගිණුමට එක් කර ගන්නේ කෙසේද?
තම ගිණුමට ලොග් වී Banners/Promotion Tools යටතේ ඇති බැනරයක් තම බ්ලොග් අඩවියේ හෝ වෙනත් එවැනි තැනක පල කිරීමෙන් ඔබට direct referrals ලා සොයා ගත හැකියි. එසේම Banners/Promotion Tools තුළ තමාට ලැබෙන ලින්ක් එක ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කර තම මිතුරන් direct referrals ලා ලෙස එක් කර ගත හැකියි.

07. Direct Referrals ලා ගෙන් පමණක් මුදල් ඉපයිය හැකිද?

බැහැ. ඔබ දිනපතා අනිවාර්යෙන් ad ක්ලික් කර නැරඹිය යුතුයි. එක් දිනක ad ක්ලික් නොකළොත් පසු දින ඔබට ඔබගේ Direct Referrals ලාගෙන් හිමිවීමට නියමිත මුදල අහිමි වනවා. යළි ඔබ ad ක්ලික් කර නැරඹීම කළ විට පසු දින සිට සුපුරුදු පරිදි Direct Referrals ලාගෙන් හිමිවීමට නියමිත මුදල ඔබගේ ගිණුමට එකතු වනවා.

08. එක් ගිණුමකට වඩා පවත්වා ගැනීම හෝ proxy භාවිතය කළ හැකිද?

බැහැ. ඔබ පිවිසෙන IP ලිපිනය වෙබ් අඩවියේ මෘදුකාංග මගින් මතකයේ ගබඩා කර ගනු ලබනවා. proxy හඳුනා ගැනීමේ හැකියාවද මෙම වෙබ් අඩවි සතුයි. එසේ යමෙක් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාමට උත්සාහ කළහොත් වෙබ් අඩවිය විසින් ස්වයංක්‍රීයව එම ගිණුම් අවහිර කිරීමට පියවර ගනු ලබනවා.

09. Referrels ලා මිලදීගත හැකි ද?

ඔව්. සෘජුවම වෙබ් අඩවිය වෙත ලියාපදිංචි වෙන පුද්ගලයන්ව ඔබට වෙබ් අඩවිය වෙත සුළු මුදලක් ගෙවා මිලදී ගත හැකියි. එය සුළු ආයෝජනයක් මගින් තම ආදායම වැඩි කර ගත හැකි ඉතා පහසු ක්‍රමයක්. එසේ මිලදී ගන්නා referrals ලා Rented Referrals ලා ලෙස හඳුන්වනවා. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයත් Direct Referrals ලාට සමානයි
.
10. Ad එකක් නිවැරදිව ක්ලික් කරන්නේ කෙසේද?

ඔබ Chrome වෙබ් බ්‍රව්සරය හෝ වෙනත් වෙබ් බ්‍රව්සරයට Adblock ඇඩෝනය හෝ එවැනි වෙනත් ඇඩෝනයක් පාවිච්චි කරන්නේ නම් ad නැරඹීමට එය තාවකාලිකව disable කළ යුතුයි. ඉන් පසු ඔබගේ ගිණුමට ලොග් වී View Advertisements පිටුවට ගොස් අදාළ ad එකෙහි මාතෘකාව (Title) මත ක්ලික් කළ යුතුයි. එවිට එම දැන්වීම වෙබ් බ්‍රව්සරයේ වෙනත් ටැබ් එකක විවෘත වේ. එහි ඉහළින් එය නැරඹිය යුතු කාලයට අදාලව progress bar එකක් සෙමින් සෙමින් පිරෙනු ඇති. එය සම්පූර්ණයෙන් පිරුණු පසුව ඉවත් වී captcha code එකක් දිස්වේ. එහිදී උඩු යටිකුරු වූ පින්තූරය කුමක්දැයි පින්තූර කිහිපයක් ලබාදී විමසනු ලබයි. ඉන් නිවැරදි පින්තූරය තේරූ පසුව කොළ පැහැති හරි ලකුණකින් ඔබගේ ගිණුමට මුදල් එකතු වූ බව සනාථ කෙරෙනු ඇති.
 (උපුටා ගැනීමකි)
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status